ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබෙනවා.
ශිව දෙවියන්ට මුල්තැන දෙමින් හින්දු බැතිමතුන්, අද දිනයේ ආගමික වතාවත්වල නිරත වනවා.
රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බවටයි හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ.
අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයකි.
හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවිඳුන් ලෙස සැලකෙන ශිව දෙවියන් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි මහා ශිව රාත්‍රී දිනය සැළකෙන්නේ.














