හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දයාරත්න මහතා වර්ෂ 2001 සිට 2004 දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතා 88 වන වියේ පසු වූවා.
වර්ෂ 1936 ඔක්තෝබර් මස 01 වන දින වෑතරදී උපත ලැබූ දයාරත්න මහතා මූලික අධ්‍යාපනය වෑතර විද්‍යාලයෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද ලබාගත්තා.
ඉන් අනතුරුව 1961 වර්ෂයේදී එංගලන්තයේ බ්‍රයිටන් තාක්ෂණික විද්‍යාලයට ඇතුළත්වීමටද දයාරත්න මහතාට අවස්ථාව ලැබුණි.
එහි අධ්‍යයන කටයුතු නිම කිරීමෙන් අනතුරුව දිවයිනට පැමිණි දයාරත්න මහතාට ගල්ඔය සංචර්ධන මණ්ඩලයේ සහකාර විදුලි ඉංජිනේරුවරයකු ලෙස අම්පාර ප්‍රදේශයේ රැකියාවට එක්වූවා.
1970 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අම්පාර ආසනය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූවා.
වාමාංශික බලවේගයන්හි බලකොටුවක් වූ අම්පාර ආසනයෙන් තරග කළ දයාරත්න මහතා අම්පාරේ දැඩි වාමාංශිකයෙකු වූ සෝමරත්න සෙනරත් හමුවේ පරාජයට පත්වූවා.
1971 ජුනි මස 2 වන දින දීප්තිකා දයාරත්න සමග විවාහ වූ අතර එම දෙපළ දරුවෙන් තිදෙනෙකි.
ඉන් අනතුරුව 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආශීර්වාදයෙන් අම්පාර ආසනයෙන් තරග කරමින් වැඩි ඡන්ද අට දහසකින් ජය ගැනීමට දයාරත්න මහත් සමත් විය.
ඒ අම්පාරෙන් එක්සත් ජාතික පක්ෂයට ලද පළමු ජයග්‍රහණය විය.
1978දී අම්පාර දිස්ත්‍රික් අමාත්‍ය ධුරයට පත්වූ දයාරත්න මහතා 1981 වර්ෂයේදී විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයටත් 1987 වර්ෂයේදී අමාත්‍ය ධුරයටත් පත්විය.
1989දී ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරයත් 1991දී පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ සහ සමාජ සුබසාධන අමාත්‍ය ධුරයත් හොබවන ලදී.
1994දී එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි වුවද දයාරත්න මහතා අම්පාර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූවා.
2000, 2001, 2004 සහ 2010 වර්ෂයන්හිදී පැවැති මැතිවරණවලදී ඔහු නැවත තේරී පත්විය.
ඒ අනුව ඔහු එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
2007 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ඔහු තවත් 17 දෙනෙක් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුවද යළි 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූවා.