හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අගෝස්තු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිවූ විමර්ශන නිලධාරින් ඉවත් කර ඒ සඳහා හිතවත් නිලධාරීන් පත්කර ඇති බවට නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා චෝදනා කරනවා.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ වත්මන් ආණ්ඩුවට බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා.