හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇතැයි කියන පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ දී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.