හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යළි කැඳවා තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 01 වන දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇති බවටයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කරන ලද සංචාරයට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම කර ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මින් පෙර අවස්ථා කිහිපයකදී ද ඒකනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.