හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(17) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමා අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කළා.
ඒ කිරින්ද ධීවර වරායේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලායි.
රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එසේම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.