අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද(22) නියෝග කර තිබෙනවා.
මෙලෙස මුදාහැර ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි එස්. සම්පත් ගුණවර්ධන නමැත්තෙක්.
සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් සැකකරුට විදෙස් ගමන් තහනම් කරන බවත් නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
එසේම අදාළ නියෝගයන් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට 2023 වර්ෂයේදී පුහුණුවක් ලබාදීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට ලක්ෂ පනස් එකක තුටු පඬුරක් සමාගමකින් ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.