ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
ඒ පැය 5ක පමන ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි .
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද උදෑසන 09ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් යලි බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවා.
රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීම පිලිබදව මෙහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අල්ලස් කොමිසම අසලදී රාජිත සේනාරත්න මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශ කළා.