හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා.
එමගින් තමාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් සඳහා චීන සමාගමකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබෙනවා.