හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කලේ .
මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළ බවට යැයි සැකපිට හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේදී ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමටයි.