හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු ඉලක්ක කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි වැදීමෙන් එක් අයෙකුට පමණක් තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.