‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි මන්දිරයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බව සඳහන්.
අදාළ ප්‍රහාරය රුසියානු හනුදාව විසින් එල්ල කර තිබෙනවා.





 


 







 
								