මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(05) දින සිට පවතින දැඩි සුළං තත්ත්වය සමග විශාල මාර ගසක් කඩා වැටීමෙන් හැටන් මස්කෙළය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.
එම මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද(06) දින උදෑසන හතට පමණ මෙම ගස කඩා වැටී තිබෙනවා.
කඩා වැටුණු ගස අවට වතු කම්කරුවන් සහ නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ නෝර්වුඩ් පොලිසියේ නිලධාරීන් එක්ව කපා ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ගස කඩා වැටුණු ස්ථානයේ තවත් මාර සහ මැයි මාර ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් පවතින බවයි වතු කම්කරුවන් කියා සිටියේ.