හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි සියම් මහ නිකායේ මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මහගම විමල හිමියන් ඊයේ(26) දින අපවත් වූ බව එම විහාරස්ථානයේ දායක සභාවේ උප සභාපති වසන්ත රෝහණ ද සිල්වා මහතා පවසනවා.
කලක් රෝගාතුරුව සිටි උන් වහන්සේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ බවත් උන් වහන්සේ අපවත් වන විට 75 වන වියේ පසු වූ බවත් ඔහු කියා සිටියා.
උන්වහන්සේගේ අවසන් කටයුතු 29 වන බදාදා දින උන් වහන්සේගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් ස්ථානයේ සිදු කරන බව ආදාහන කමිටුව කියා සිටිනවා.
ශාස්ත්‍රපති මහගම විමල හිමියන් අපවත්වීමට පෙර උන් වහන්සේ විසින් ශාසයට ඉටු කළ සේවාවන් මෙලෙසින් සටහන් කර තිබෙනවා.
පැවිදි දිවියේ සිහිවටන….
1950 මැයි මස 5 වැනි වෙසක් පොහෝදින රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන් කෝරලයේ මහගම එරමිණියාවේ බෝගහවත්තේ උපත ලද මම මල්හාමි වීරතුංග නමින් හැදින්විණ.
1955 සිට 1962 දක්වා රත්නපුර කුඹුරුගමුව විදුහලේ ඉගෙනුම ලබා 1962 ඔක්තොම්බර් 26 දින කුඹුරුගමුව ජය මහා විහාරයට ගිය මම 1964 ජූනි 01 වන දින පැවිදි වී, 1964 සැප්තැම්බර් මස හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයට ඇතුළත් වූයේ 8 වැනි ශ්‍රේණියටයි. එහිදි අ.පො.ස. සා/පෙළ, උ/පෙළ ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාග වලින් සමත්ව 1970 සැප්තැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමි. 1975 ජනවාරි මස ශාස්ත්‍රවේදි සහ අධ්‍යාපනවේදි ගෞරව උපාධි සමත්ව 1975 ජූනි මස හැටන් ශ්‍රීපාද විද්‍යාලයට පත් වීම ලබා ගතිමි.
1975 ජූනි 03 වන දින මල්වතු මහා විහාරයේදි උපසම්පදාවට පත් වීමෙන් අනතුරුව 1975 ජූනි සිට 1985 දක්වා දසවසරක් ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර, 1958 සිට 1993 දක්වා හැටන් අධ්‍යාපන කලාපයේ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක ලෙස පත්වීම ලබා ගුරු සිසුන් 400ක් පුහුණු කර ඇත.
■ 1993 සිට 2008 මැයි දක්වා විදුහලේ පළමුවැනි ශ්‍රේණි විදුහල්පති ලෙස වසර 15ක් සේවය කර 2008 විශ්‍රාම ගියේ තව වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිතව තිබියදීයි.
■ 2001 වර්ෂයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත්වීම ලබා දුන්නේ සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාව විසිනි. එහි අක්ත්‍රපත්‍රය අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් විසින් පිරිනමා තිබුණි.
■ සමස්ථ ලංකා සාම විනිසුරු පදවිය 2000 වර්ෂයේදි ලැබීමෙන් අනතුරුව විදුහලේ විදුහල්පතිව සිටි කාලය තුල ශාස්ත්‍රිපති සහ දර්ශනපති උපාධි සමත් වූ උන් වහන්සේ ඊට අමතරව පරිපාලන සහ විදුහල්පති පළමුශේණියටද සමත් වී ඇත.
■ විදුහල්පති ශේණීයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව උසස්පෙළ සිසුන් තම විහාරස්ථානය වෙත කැදවා නොමිලේ වසර 12ක් ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත.
වසර 50 ක කාලය තුල හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙනුවෙන් උන් වහන්සෙ කල කාර්යභාරය
■ විහාරස්ථ පන්සල් භූමිය වටා වලාකුළු බැම්ම ඉදි කිරිම.
■ නව විහාර මන්දිරයක් ඉදි කිරිම.
■ පැරණි විහාර මන්දිරය මුළුමනින් නවීකරණය කිරිම.
■ දෙමහල් දාන ශාලාව ඉදි කිරිම.
■ ජය ශ්‍රී මහ බෝධිය රෝපණය කර එහි රන් වැට ඉදි කිරිම.
■ අටවිසි බුදුකුටි ඉදි කිරිම.
■ දේවාල 6 ක් ඉදි කිරිම.
■ දහඅටරියන් බුදු පිලිමය සහිත සිව් මහල් ගොඩනැගිල්ල ඉදි කිරිම. එහි පහත මහළ ළදරු පාසලක් සදහාද, දෙවැනි මහළ ආගන්තුක භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පහසුව සදහාද, තෙවැනි මහළ පුස්තකාලය සදහාද, සිව්වැනි මහළ බුද්ධ ප්‍රතිමාව සදහාද, වෙන් කෙරිණි.
■ පැරණි බෝධිය වටා බුදුකුටි සහිත රන් වැටද විහාරස්ථ භුමිය සහ දාගැබ් මළුව වටා පිගන් ගඩොල් ඇතිරිම.
■ විහාර භූමියට පිවිසීමට සහ පන්සලට පිවිසිමට පඩි පෙළවල් දෙකක් ඉදිකිරිම.
■ දරුවන් 120කට සහ ගුරුවරු 04 කට සීමා වී තිබූ දහම්පාසල දරුවන් 1200ක් සහ ගුරුවරු 25කට වැඩි දියුණු කර සෙනසුරාදා සහ ඉරිදා දෙදිනම දහම්පාසල පැවැත්වීම.
■ නව ඝාණ්ටාර කුලුණක් ඉදි කිරිම.
■ ධර්ම ශාලාව මුලුමනින් නවීකරණය කිරිම.
■ හැටන් තරුණ බෞද්ධ සංගමය පිහිටු වීම.
■ හැටන් සර්වආගමික සංවිධානයක් පිහිටු විම.
■ මැයි 05 වන දින උන් වහන්සේගේ සෑම ජන්ම දිනයකදීම මේ වන තෙක් ගැබිණි මවුවරුන් 2000කට පමණ ලක්ෂ 20ක පමණ උපකරණ බෙදා දී ඇත.
■ සෑම වසරකම දකුණු දළදා පූජාව සෝමාවති මහා සෑය අභියස (20 වන වරට) පැවැත්වීම
■ සෑම වසරකම වම් දළදා පූජාව දළදා මාලිගාව (40වන වරට) පැවැත්වීම.
■ මව්පියන් සිහිකර සෑම වසරකම සැප්තැම්බර් පිංකම් සිදු කිරිම.
■ අපවත් වී වදාළ ගුරු හාමුදුරුවරු සිහිකරමින් දෙසැම්බර් මස දී වාර්ෂිකව කරන මහා පිංකම
■ හැටන් ප්‍රදේශයේ සහජීවනය ඇති කිරිම සදහා දුරුතු මහා පෙරහැර වාර්ෂිකව පැවැත්වීම
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලවා දැනට පාසලේ භාවිතා වන පාසල් ගීය රචනා කර පාසලට සියවස පිරුණ අවස්ථාවේ සිටම අද දක්වා එම ගීතය ගායනා කරවීම.
ශ්‍රීපාද විදුහල වෙනුවෙන් කල කාර්යභාරය
■ ශ්‍රීපාද විදුහල මහා විදුහලක්, මධ්‍යමහා විදුහලක්, පර්ෂද මූලස්ථාන විදුහලක්, නවෝද්‍යා පාසලක් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කල ඉල්ලීම අනුව ජාතික පාසලක් බවට පත් කිරිම.
■ විදුහලට වසර 100 පිරිම නිමිත්තෙන් 1997 සියවස් සැමරුමට සමගාමීව හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ ඇමතිතුමාගේ මූලිකත්වයෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ මහ පොළ දින 08ක් පැවැත්වීම.
■ ගාමිණී ආරියතිලක, ගාමිණී දිසානායක ඇමතිවරු දැනුවත් කර විදුහලට අලුතින් අක්කර 10ක් ලබා ගැනීම.
■ දිවංගත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අනුග්‍රහයෙන් නව ක්‍රීඩා පිටිය ඉදි කිරිම.
■ ඕල්කට් ශාලාව, සිරිමා බණ්ඩාරනායක ශාලාව සහ කණ්නංගර ශාලාව යනුවෙන් දෙමහල් ගොඩනැගිලි තුනක් අලුතින් ඉදි කිරිම.
■ නව විදුහල්පති නිළ නිවසක් ඉදි කිරිම.
■ පරිඝණක මධ්‍යස්ථානයක් පිහිටු වීම.
■ කෘෂිකර්ම ඒකකයක් ලබා ගැනීම.
■ ඉංග්‍රීසි මාධ්‍ය අංශයක් ආරම්භ කිරිම.
■ නව කලාගාරයක් ඉදි කිරිම.
■ සෞන්දර්ය කලාගාරයක් ඉදිකිරිම.
■ කලාප අධ්‍යාපන කාර්යාලයක් සදහා පාසල් ඉඩමේ කොටසක් ලබා දීම සහ අධ්‍යාපන කාර්යාලය පිහිටු වීම.
■ 1975 සිට 2021 දක්වා වසර 43ක් උසස්පෙළ සදහා සිංහල, බෞද්ධ, සංස්කෘතික, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුද්ධ දර්මය විශයන් ඉගැන්වීම.
■ 2021 වන විට මාගේ කලා පන්තියෙන් දරුවන් 387 ක් විශ්ව විද්‍යාලයට යැවීම. 1016 ක් භාහිර උපාධිය සදහා යොමු කළෙමි.
■ ගුරු අභ්‍යාස විදුහල්වලට 52ක් යොමු කිරිම.
පළාතේ ජාතිභේද, ආගමික භේද, ගිහිපැවිදි දුප්පත් පොහොසත් භේද නොසලකා සියලු දෙනා සමග සමගිය වර්ධනය කළෙමි. පල්ලියට ගිය විට බයිබලයෙන්ද, මුස්ලිම් පල්ලියට ගිය විට කුරාණයෙන්ද කරුණු ගෙන දේශණය ඉදිරිපත් කළෙමි. දෙමළ අයෙකුගේ මරණයේදි ඉල්ලීම් කලහොත් එම අවමංගල්ය උත්සවයට සහභාගි වී බෞද්ධ ආගමට අනුව පාංශුකූල කටයුතු කිරිම.
+ දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්ය ධූරය දරණ දොඩම්ගොඩ සුමනසාර හිමි මාගේ ලග උපසම්පදා වූ ප්‍රථම ශිෂ්‍ය හිමි නමයි.
+ මා ලග උපසම්පදා වී මාගේම පාසලට ඇතුලත් කර උසස්පෙළ සමත්ව සරසවි අධ්‍යාපනය ලබා මාගේ පාසලේම දැනට සේවය කරන ධම්මදින්නේ ධීරානන්ද හිමි දෙවන ශිෂ්‍යාය.
+ ඉහත දෙනම සහ මාගේ ලග පැවිදිව දැනට මහනුවර අස්ගිරි පිරිවනේ ඉගෙනුම ලබන මතුගම සුමේද සහ රාහුල දෙනම අනික් සිසුන් දෙදෙනාය.
හැටන් තරුණ බෞද්ධ සමිතිය නගා සිටුවීම සහ එම තරුණ බෞද්ධ සමිතිය සාර්ථකව පවත්වාගෙන යෑමට පැවිදි අනුශාසනාව ලබා දීම සහ 1996 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියගය සමයේ හැටන් තරුණ බෞද්ධ සමිතිය සමග එක්ව පීඩාවට පත් පවුල් 1000 කට රු.5000ක් පමණ වටිනා වියළි සලාක පාර්සල් රැගෙන ගොස් බෙදා දීමට දායක වීම.
යන දේවල් මාගේ උපරිම ශක්තිය ප්‍රමාණයෙන් මා විසින් ඉටු කළෙමි.













