හැටන් නගරයේ දෛනිකව නගර සභාව විසින් බැහැර කරන කැළිකසළවලින් කොටසක් මහවැලි කඟට හැටන් සිට ප්‍රධාන වශයෙන් ගලා බසිනා හැටන් ඔයට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ඇතැම් සේවකයින් විසින් ඉතා සූක්ෂම ලෙස බැහැර කරන බව ප්‍රදේශවාසීන් පවසනවා.
හැටන් මල්ලිඅප්පු මංසන්ධිය ආසන්නයේ ගලා බසින හැටන් ඔයට විශාල වශයෙන් කැළිකසළ බැහර කරන නිසා පරිසර ගැටලු රැසක්ද මතු වී ඇති බවයි හැටන් මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටිනේනේ.
හැටන් ඔයේ ජලය මහවැලි ගඟට නාවලපිටිය ප්‍රදේශයෙන් එක්වනතෙක් එම ඔය ගලා බසින හැටන්, ගිනිගත්හේන, නාවලපිටිය යන ප්‍රදේශවල ඔය දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් දෛනික කටයුතුවලට හැටන් ඔයේ ජලය පරිහරණය කරනු ලබනවා.
හැටන් දික්ඔය නගර සභාවට කැලිකසල බැහැර කිරීම සඳහා නිසි ඉඩමක් නොමැතිවීම හමුවේ නගර සභා සීමාවේ දෛනිකව එකතුවන කැළිකසළ හැටන් දික්ඔය නගර සභාවට අයත් ගිනිගෙන විනාශ වී ඇති තානායම් ඉඩමේ සහ තානායම් ගොඩනැගිල්ල තුළට බැහැර කරන අතර, හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ කැළිකසළ නගර සභාවේ අතැම් සේවකයින් විසින් හැටන් ඔයට මුදාහරින බවයි මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටියේ.