හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ අශෝක කරුණාරත්න මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී අද(11) ධුරයේ වැඩකටයුතු භාරගනු ලැබුවා.
පසුගිය ජුනි 26 වැනිදා එම නගර සබාවේ සභාපතිවරයා ලෙස අශෝක කරුණාරත්න මහතා විවෘත ඡන්ද අටක් ලබාගනිමින් ධුරයට තේරී පත්වූවා.
සභාපතිවරයා නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය ඇතුළු නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටියා.
හැටන් දික්ඔය නගර සීමාවේ වසර ගණනාවක් තිස්සේ බැහැර නොකරන ලද කැළිකසළ විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා.
මෙම කැළිකසළවලින් හමන දුර්ගන්ධ නිසා හේතුවෙන් හැටන් නගරයට ජනතාව පැමිණීමෙන් වැළකී සිටින බවත් වාර්තා වනවා.
පවත්නා තත්ත්වය මත සෞඛ්‍ය තර්ජනයක්ද මතුව ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
නගරයේ ගොඩ ගැසී ඇති කැළිකසළ ඉවත් කර සුදුසු ස්ථානයකට බැහැර කිරීමට හැටන් දික්ඔය නගර සභාවට අලුතින් පත්වූ සභාපතිවරයා සහ නගර සභාවේ ආණ්ඩු සහ විපක්ෂ සභිකයන් පියවර ගත යුතු බවද හැටන් ප්‍රදේශයේ ජනතාව අවධාරණය කර සිටිනවා.