අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබෙනවා.
අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය සදහන් කලේ.
කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දී තිබෙනවා.