Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ

    හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ

    2026-01-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    *මෙරට රෝහල් පද්ධතිය තුළ 2026 වසරේ කැත් රසායනාගාර 07 ක් ඇතුළුව ලබන වසර අවසන් වන විට කැත් රසායනාගාර 14 ක් ස්ථාපිත කිරීමට පියවර*

    හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ වන නීලමනී පෙරේරා මහත්මිය විසින් සිය මියගිය පුතණුවන්ට පිං පිණිස සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකරදීමට කටයුතු කරනු ලැබේ.

    රුපියල් මිලියන 80 ක පමණ වියදමකින් රෝහලේ හෘද රෝග ඒකකය අසල මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට සැළසුම් කර ඇත.

    ඒ අනුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ  මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදුවු අතර ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ එම මැතිණිය සූමි තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ මේ වසරේ කැත් රසායනාගාර 07 සමග ලබන වසර වන විට මෙරට රෝහල් තුළ තැත් රසායනාගාර  14 ක් ස්ථාපිත කරමින් හෘද රෝගී ප්‍රතිකාර ශක්තිමත් කරන බව පැවසීය. මෙම වසරේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන බවත් 2028 වසරේ එහි ඉදිකිරීම් අවසන් කර හෘද රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට කටයුතු සිදුවන බවත් පැවසීය.

    මෙහිදී  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අදහස් දක්වමින් පෙන්වා දෙන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2022 දත්ත අනුව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 34% කට හෘද රෝග ආශ්‍රිත රෝගාබාධ වන බවත්, නිවැරදිව ප්‍රතිකාර ලබාගෙන රෝග පාලනය වී තිබෙන්නේ 25% ක ප්‍රමාණයක පමණක් බවයි. මෙරට රෝහල් සායන සඳහා සහභාගිවන රෝගීන් අතරින් විශාල ප්‍රමාණයක් හෘද රෝගවලට අදාළ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බව වාර්තාවන බැවින් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා සැපයීමට මෙවැනි ඒකක අත්‍යාවශ්‍ය වන බව ද පැවසීය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් තුළ හෘද රෝගී ප්‍රතිකාර සඳහා කැත් යන්ත්‍ර 11 ක් වන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව 2026 වසරේ රත්නපුර, මඩකළපුව, බදුල්ල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් 07 ක අළුතින් කැත් යන්ත්‍ර 07 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවසීය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂ 07 ක පමණ ජනගහනයක් වන අතර, දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක හෘද කැතීටකරණ ඒකකයක් නොමැතිවීම විශේෂත්වයකි.

    රෝහලේ භූගෝලීය පිහිටීම අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය හා අවට පළාත්වල විශාල ජනතාවකට මෙම හෘද කැතීටකරණ ඒකකයෙන්  ප්‍රතිකාර සේවා ලබාගැනීමට හැකිවන අතර, හෘද රෝග සම්බන්ධ සුවිශේෂී ප්‍රතිකාර සේවා සඳහා ගාල්ල කරාපිටිය සහ කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස අවම කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.

    එමෙන්ම පළමු අවස්ථාවේ ම කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ප්‍රතිකාර නොමැතිකමින් අහිමිවන ජිවිත රැසක් ආරක්ෂා කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.

    මෙම අවස්ථාවට පූජ්‍ය කහඳ අමරබුද්ධි නා හිමි ඇතුළු මහා සංඝරත්නය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, නාවික හමුදාවේ දකුණු  ප්‍රදේශය භාර ආඥාපති කපිතාන් වීරසූරිය, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ තිළිණ විජේතුංග යන මහත්ම මහත්මීන් සහ ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතාගේ පවුලේ ඥාතීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    පෙර පුව​තනාවලපිටියේ පුද්ගල ඝාතනයක්
    ඊළඟ පුව​ත කාලගුණයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group