පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි.