ස.තො.ස නිෂ්පාදන තුනක මිල අඩු කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
මේ අනුව රුපියල් 210 ක්ව පැවති දේශීය රතු කැකුළු කිලෝ ග්රෑම් එකක මිළ රුපියල් 05 කින් පහල දමා තිබෙනවා.
මේ අනුව එහි නව මිල වන්නේ රුපියල් 205 ක්.
එමෙන්ම රුපියල් 398 ක් ලෙස පැවති රතු පරප්පු කිලෝවක මිල රුපියල් 389 ක් දක්වා රුපියල් නවයකින් මිල අඩු කර ඇති බව සඳහන්.
මේ අතර ග්රෑම් 425 ලොකු ටින් මාළු ටින් එකක මිල රුපියල් 585 සිට රුපියල් 540 ක් දක්වා රුපියල් 45 කින් අඩු කර තිබෙනවා.