සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දේපල සොරකමකට සැකපිට රන් මාලයක් සහ පසුම්බියක් සමග සැකකරුකේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් පමණ වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී ඔහු සන්තකයේ තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණ වී තිබෙනවා.
තවද මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්හි සිදු කරන ලද සොරකම් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙක් බවටද අනාවරණ වී තිබෙනවා.
සොරා ගන්නා ලද කරාඹු ජෝවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන් මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබැලි 04ක්, අත් ඔරලෝසි 3ක් සහ රුපියල් 7000ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.