නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙකු හා එම සොරකම් කළ භාණ්ඩ ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත දකුණු දිශා අපරාධ කොට්ඨාසය කළ වැටලීමේ දී සැකකරු අත්අඩංගුවට ගැනුණේ.
වැලිකඩ නානායක්කාර මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසියට ඉදිරිපත් කෙරුණා.
මෙම සැකකරු පසුගිය 17 සහ 18 යන දිනයන්වල වැලිකඩ පොලිස් වසමේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරිමේ සිද්ධීන් 9කට අවශ්‍ය සිටි සැකකරුවෙකු බවට විමර්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම පුද්ගලයා විසින් සොරකම් කළ දේපළ ළග තබා ගෙන සිටි තවත් සැකකරුවෙකු හා සැකකාරියක ද ඔබේසේකර පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.