පිලිපීනයට බලපෑ ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ලක්ෂ 9කට අධික පිරිසක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගිය අතර, පැයට කිලෝමීටර 185 ත් – 230 ත් අතර වේගයෙන් සුළං හැමීම සිදුවුණා.
කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ එරට වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන් හි ඕරෝරා පළාතට බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එය මේ වනවිට දුර්වල වී බටහිර ලුසොන් හි ලා යුනියන් හරහා ගමන් කරමින් තිබෙනවා.
කෙසේ වෙතත් එරට කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා ඇත්තේ තවදුරටත් වැසි ඇති විය හැකි බවටයි.













