සුරාබදු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සහකාර කොමසාරිස්වරු නීත්‍යනුකූල නොවන විභාගයකින් සමත් වී එම තනතුරු දක්වා උසස්වීම් ලැබූ නිලධාරින් බව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහ ලේකම් මුජිබර් රහුමාන් පැවසීය.
නියෝජ්‍ය මහ ලේකම්වරයා මේ බව අනාවරණය කළේ ඊයේ (5 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම සුරාබදු සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් එම විභාගය සම්බන්ධයෙන් විමර්ශන කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභියාචනා විනිශ්චය අධිකාරියද එම විභාගය නීත්‍යනුකූල නොවන බවට තීන්දු කර ඇතැයි නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසීය. සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් මෙම විභාගයට එරෙහිව ඇතැම් සුරාබදු නිලධාරින් අධිකරණයට පවා ගොස් ඇති බවද ඔහු කියාසිටියා