ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
තරගය අද(20) පස්වරු 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අද(20) තරගයේදී කළු පැහැති අත් පටියක් පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දුනිත් වෙල්ලාලගේ අභාවප්‍රාප්ත පියාට ගෞරව දැක්වීම සඳහා මෙලෙස කළු පටියක් පළඳින බවයි වාර්තා වන්නේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ තරගය ආරම්භයේදී ජාතික ගීය වාදනයට පෙර විනාඩියක නිහඬතාවයක් පැවැත්වීමටද නියමිත බවයි.