ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනෙක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඒ අනුව 2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේව) II වෛද්‍ය එච්.එම්. අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සඳහා මේ වන විට අයදුම්පත් කැඳවමින් පවතින බවයි.
නිවේදනයේ දැක්වෙන්නේ අදාළ නිවේදනයට අනුව ඉහත තනතුර සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙසයි.
නැවත අයදුම් කිරීමේ දිනය අගෝස්තු මස 25 වන දිනෙන් අවසන් වන බවත් සියලුම අයදුම්කරුවන් එදිනට පෙර මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙසත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.