සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ නියෝගය ලබන සදුදා දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
අදාළ නිලතල සඳහා තෝරා ගැනීමේ ඡන්ද විමසීම එදින තෙක් නොපවත්වන ලෙස වග උත්තරකාර පාර්ශවයට උපදෙස් දෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇති බවද සදහන් .
සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර ඇති බැවින් වාර්තා වන්නේ.