හෝමාගම පිටිපන පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ තුවාල ලැබූ සිසුන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවත්ය.
තාක්ෂණ පීඨයේ සිව්වන වසරේ සිසුන්ට මේ දිනවල විභාග කටයුතු පැවැත්වෙන පවත් එම හේතුවෙන් ඔවුන් නේවාසිකාගාරය තුළ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටියදී දෙවන සහ තෙවන වසරේ සිසුන් දින ගණනාවක සිට රතිඤ්ඤා දල්වමින් ඝෝෂාකාරි ලෙස ශබ්ද නගමින් හැසිරී ඇති බවද පොලිසිය පවසනවා.
අවසන් වසර සිසුන් සහ දෙවන හා තෙවන වසරේ සිසුන් අතර මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආපන ශාලාවේදී ඇති වූ බහින් බස්වීමක් සිදුව ඇති බවත් එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවත් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් විශ්ව විදයාල පරිපාලනය විසින් විශ්වවිද්‍යාලය තෙවන සහ සිව්වන වසර සඳහා සතියක නිවාඩු කාලයක් ලබාදී ඇති බවයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසන්නේ.













