සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
ඒ තෙවන හා අවසන් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමගින්.
අද තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කර සිටියා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත් වූවා.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51ක් රැස් කර ගැනීමට සමත් වූවා.
Sikandar Raza ලකුණු 28ක්ද Ryan Burl ලකුණු 26ක්ද ලබාගැනීමට සමත් වූවා.
Sean Williamsට ලබාගත හැකි වූවේ ලකුණු 23ක් පමණයි.
සෙසු කිසිදු ක්‍රීඩකයෙන් ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු තුනක්ද දුෂ්මන්ත චමීර කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.
මතීෂ පතිනරණ සහ බිනුර ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17.4ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක ලකුණු 33ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 30ක්ද ලබාගැනීමට සමත් වූවා.
ඉන් අනතුරුව නොදැවී පන්දුවට පහර දුන් කමිල් මිෂාර ලකුණු 73ක්ද කුසල් ජනිත් පෙරේරා ලකුණු 46ක්ද ලබාගැනීමට සමත් වූවා.
මින් පෙර අන්තර්ජාතික විස්සයි විස්ස තරග 4කට ක්‍රීඩා කර ඇති කමිල් මිෂාර ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 35ක්.
මින් පෙර පැවැති තරගයේදී ඔහුට ලබාගැනීමට හැකි වූයේ ලකුනු 20ක් පමණයි.
පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ Brad Evans සහ Sikandar Raza එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.