බත්තරමුල්ල, තලාහේන ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට පමණ පෙර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
31 හැවිරිදි මියගිය කාන්තාව සහ එම වයසේම පසු වන ඇගේ සැමියා වන සැකකරු තලාහේන ප්රදේශයේ කුලී නිවසක පදිංචිිව සිට ඇති අතර, පසුගිය 06 වනදා ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
අනතුරුව ඇයගේ සැමියා සහ 44 හැවිරිදි ඔහුගේ මිතුරා මෙම ඝාතනය සිදු කිරිමෙන් තලංගම පොළිසියට පැමිණිලි කර ඇත්තේ නිවසේ ඝාතනයක් සිදුව ඇති බවයි.