තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය කියා සිටියේ මැදගම, බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක් වැටි සිටින බවට මැදගම පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත නිලධාරීන් කන්ඩායමක් එම ස්ථානයට ගොස් කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
රෝහල් ගත කරන විටත් වෙඩි වැදී සිටි කාන්තාව මියගොස් සිටි බව වෛද්‍යවරුන් පැවසූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් පමණ වූ මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.
අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මෘතදේහය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයේන පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.