වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක් මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව තිබෙනවා.
එහිදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඇයව බේරාගෙන ඇති අතර ඊයේ (09) සවස් කාලයේදී එම කාන්තාව මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසනවා.
එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඇයව බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඥාතින් වෙත භාර දී තිබෙනවා.
මෙම කාන්තාව බේරාගෙන ඇත්තේ, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66640 රංජිත්, පොලිස් කොස්තාපල් 76785 නිෂාන්ත හා පොලිස් කොස්තාපල් 93809 ලියනගේ යන නිලධාරින් බවයි සඳහන් වන්නේ.