දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රිය නතර කිරීමට සිදුව තිබෙනවා.
ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදීයි ගස කඩා වැටී ඇත්තේ.
කඩාවැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද අලුයම සිට ආරම්භ කෙරුණා
මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2 ක් අද උදෑසන ධාවනයට යොදවා තිබෙනවා.