ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබීයදි මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනාගෙන් පුද්ගලයින් 06 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
ගුවන් තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ සහාය ඇතිව ගුවන් යානයේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.