ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව කඩුලු හතරකින් පරාජය වීමෙන් දිනකට පසුව ඔහු මෙම තීරණය දැනුම්දෙනු ලැබුවා.
35 හැවිරිදි ඔහු එක්දින තරග 170කදී ලකුණු 5800 ක් රැස් කළ අතර, එයට ශතක 12ක් සහ අර්ධ ශතක 35 ක් ඇතුළත් වෙනවා.
ඔහු එක්දින තරගවලදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් 12 න ක්‍රීඩකයා ලෙස හැදින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.