මෙරට තුළ වර්තමානය වන විට දියවැඩියා රෝගීන් 14 ලක්ෂ 50,000 ක් සිටින අතර ඔවුන්ගේ දෛනික පරිභෝජනය සදහා රතු කැකුළු සහ නාඩු සහල් කිලෝග්‍රෑම් දෙලක්ෂ දාහත්දහස් පන්සීයයක ප්‍රමාණයක් අවශ්‍ය වන බව ජාතික කාන්තා එකමුතුව පවසනවා.
එහි සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වත්මන් රජයට නිසි කළමනාකාරීත්වයක් සහිත වැඩපිළිවෙලක් නොමැති වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී ඇති බවයි
මේ අතර පරිභෝජනය සදහා සුදුසු සහල් රට තුළ තිබියදි වර්තමාන ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කිරීම ද කණගාටුදායක කරුණක් බවයි ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.