සර්ව ජනබල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබාදී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ අද(06) දින ලක්ෂපාන ප්‍රදේශයේ පැවැති පක්ෂයේ රැස්වීම් කිහිපයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා…
ආණ්ඩුව 74 වසරෙන් අවුරුදු 50කට වැඩිය කරලා තියෙන්නේ මේ රටට සෘණාත්මක මාසනිකත්වයක් එකතු කිරීම. ඒක තමයි කරපු ලොකුම හානිය. මම කියන්නේ නෑ හිටපු ආණ්ඩු ඔක්කොම හොඳට කළා කියලා.
මම දිගින් දිගටම ඒක කතා කරපු කෙනෙක්. මම කියනවා 77න් පස්සේ ලංකාවේ දේශපාලනය දූෂණයට ලක්වුණා කියලා.
දේශපාලනඥයන් දූසිත පුද්ගලයන් බවට පත් වුණා. ඊට වඩා නරක නිවට, නියාලු කුහක ඊර්සියාවෙන් පිරුණු වෛරයෙන් පිරුණු උද්දච්චකමක් ඒකට එකතු වුණු මේ දේශපාලනය ඊට වඩා විශාල හානියක් මහ පොළොවේ කරවා.
එයින් කවුරුවත් ගොඩ එන්නේ නෑ. ඒක නිසා මේකට විසඳුමක් මේ රටේ අහිංසක ජනතාවට අයිති විය යුතු යැයි විශ්වාස කරන කණ්ඩායමක් හැටියටයි අපි අපේ කාලය ගැනවත් වෙනත් ජීවිතයේ අවස්ථාවන් ගැනවත් නොසලකා මෙහෙම ගමින් ගමට යන්නේ.
ඒ විශ්වාසය ඇතුව ඔබගේ මනසේ තියෙන ආකල්ප නැති කරලා, ඔබට නැගිටින්නට පුළුවන් ඔබගේ ස්වශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න.
ඔබගේ ආත්මය විශ්වාසය වැඩි කරලා ඔබගේ මනසට නිර්මානශීලිත්වය දීලා මේ ව්‍යවසායකත්වය කියන මනසට ඔබව දීලා ඔබවත් එකතු කරගෙන ගමනක් යන්න ඕන.
විශේෂයෙන්ම අප මේ කතා කරන සංකල්පය ආණ්ඩුව අරන් කරන්න හදන වැඩක් නෙවෙයි. මේ සර්ව ජන සභා කියන්නේ.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියා.