වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම ඒකකය විවෘත කළ බවයි.
එය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තිබෙනවා.
එම ඒකකයෙන් ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසීමට හැකියාව තිබෙන බවයි වාර්තා වන්නේ.