අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය කර සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානමින් පසුවන බව ඔහුගේ නීතිඥවරයා විසින් අභියාචනාධිකරණයට අද(15) දැනුම්දී තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී පසුගියදා සොයා ගැනීමත් සමගින් සම්පත් මනම්පේරි නමැත්තා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව තිබුණා.
අදාළ සැකකරු එලෙස භාරවීමෙන් පසුව ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ද දැනුවත් කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොලිසියට අවශ්‍ය කර සිටින සම්පත් මනම්පේරී නමැත්තා විසින් ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.