පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට ලබාදී ඇති කාලය හෙට(30) මධ්‍යම රාත්‍රී 12න් අවසන්වනවා.
මැතිවරණය සඳහා ඉදිරිපත්ව සභිකයන් තේරී පත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත මෙම කාලය ලබාදී තිබෙනවා.
ඒ අනු මැයි මස 30 වනදා මධ්‍යම රාත්‍රීය තෙක් ලැබෙන සභික ලැයිස්තු ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසන් සභාව පවසන්වේ.
එහි සභාපති ආනන්ද රත්නායක මහතා කියා සිටියේ ඉන් පසුව ලැබෙන ලැයිස්තු ඊට පසුව ගැසට් කරන බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ සැලකිය යුතු ලෙස සභික ලැයිස්තු ලැබෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් සභාවන්හි සභික ලැයිස්තු සැකසීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මතුව ඇති අර්බුදයි.
සභා පිහිටුවන එක අදාළ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල කාර්යයක් බවත් එය මැතිවරණ කොමිසන් සභාවේ කාර්යක් නොවන බවත් ලැබෙන සභික ලැයිස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.