රත්නපුර සුරතලී ඇල්ලට සහ තවත් පූජනීය ස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයකට සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කෙරෙන කසල තොගයක් මුදාහැර ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා
කසළ බැහැර කිරීමට අදාළ සමාගමේ හිමිකරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කල බවයි එම අධිකාරියේ සභාපති සපුන් එස් පතිරගේ මහතා සදහන් කලේ .
කෙසේ වෙතත් මෙම කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කරන බව ඔහු ප්‍රකාශ කළා .