මීට මාසයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතහ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන්ට දැනුම්වත් කළ බවයි.
මේ අතර එම මියගොස් සිටි අලින් අතර තිබූ ඇත් මළ සිරුරේ දළ ඉවත් කර ඇති බවටද වාර්තා වනවා.
මේ අතර ගල්ගමුව ප්‍රදේශයේදී තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
ඇහැටුවැව මුදියන්නෑගම ගාලයායවෙල රක්ෂිතයේ මෙම දළ ඇති මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශයේ වැවක මාළු ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු මියගොස් සිටි ඇතා දැක ඒ සම්බන්ධයෙන් මීගලයාව වනජීවි කාර්යාලයට දැනුම්දී තිබෙනවා.
මින් පෙර වෙඩි වැදීමකට ලක්ව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි යුනිකෝන් හස්තියා සහ වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියාද මියගියා.