අත්අකුරින් ලියූ ලොව විශාලතම ශුද්ධ වූ කුරානය පිළිබඳ වාර්තා යළිත් අලුත් කිරීමට ඉන්දියාවේ රාජස්ථානයේ ව්‍යාපාරිකයෙකු සමත්ව තිබෙනවා.
අක්ෂර වින්‍යාසය පිළිබඳ ප්‍රවීණයෙකු වන මවුලානා ජමීල් අහමඩ් විසින් එය අත්අකුරින් අක්ෂරකරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ .
රාජස්ථානයේ චිතගෝර්හි ධනවත් ව්‍යාපාරිකයෙකු වන හජි ෂයර් ඛාන්ගේ සංකල්පයක් මත ඇරඹි මෙම දැවැන්ත කාර්යය සඳහා දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇති බවද සඳහන්.
වසර දෙකක කාලයක් ගත කර අත්අකුරින් ලියූ මෙම දැවැන්ත ශුද්ධ වූ කුරානය කිලෝග්‍රෑම් 260ක බරකින් යුතු අතර එය ලොව බරින් වැඩිම කුරානය ලෙසයි සැලකෙන්නේ.