ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ අරමුණයි.
එමෙන්ම අධිකරණයට පැමිණෙන මහජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම ද මෙම වැඩසටහනේ අරමුණක් වනවා.
මෙහි පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ලබන 12 වනදා පස්වරු 1 ට කොළඹ අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














