ශ්‍රී ලාංකිකයින් 148 දෙනකු ඊශ්‍රායලය බලා ඊයේ මෙරටින් පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කරනවා.
ඒ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහායි.
ඒ අනුව, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ පවතින උප ක්ෂේත්‍රවලට අදාලව මේ වන විට ශ්‍රී ලාංකිකයින් 413 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සාත්තු සේවා, ඉදිකිරීම් සහ හෝටල් හා අවන්හල් යන ක්ෂේත්‍රවලට අදාළ රැකියා අවස්ථා රැසක් මේ වන විටත් ශ්‍රි ලාංකිකයින්ට විවෘතව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.