කැනඩාවේ ඔටාවා අගනුවරදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන්ගේ අවසන් කටයුතු ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිතයි.
එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය බදාදා රාත්‍රී කාලයේ දීයි .
එම ඝාතනය කළ ෆ්‍රෑන්ක්ද සොයිසා නැමැති 19 හැවිරිදි සැකකරු සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලෙන් සිටි අයෙක් බව එහි බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය මහගම සූනීත හිමියන පවසා තිබෙනවා .