ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා..
2024 ගෝලීය සංචාරක සම්මාන උළෙල ඊයේ ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුනා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට අවුරුදු දෙකකට පෙර බින්දුවේ සිට මේ වනවිට 100% වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර , ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඔවුන් ලෝකයේ සිදු කළ ප්‍රවර්ධන මෙහෙයුම ද මෙහිදී ඇගැයීමකට ලක් කර තිබුනා. ඒ අනුව සම්මානය රැගත් විෂයභාර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද අලුයම දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ.