සිය ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් සහාය ලබා ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
රටේ ප්‍රාථමික ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස න කොළකටයුතු කරනු ලබන කොළඹ වරාය, 2024 වසරේ දී සියයට 10.5ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක මිලියන 8.2ක් ලබා තිබෙනවා.
එමෙන්ම නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති අවසන් වූ පසු, ඒකක මිලියන 15 දක්වා ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය මීටර් 600 සිට මීටර් 1,320 දක්වා දීර්ඝ කිරීමට නියමිත තිබෙනවා
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට සියයට 51ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ආයතනයට සියයට 34ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සියයට 15ක් සමඟින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරන ලද කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය , 2025 පෙබරවාරි මාසයේ දී මීටර් 700ක කොටසකින් මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි වරාය අධිකාරිය සඳහන් කරන්නේ.
එහි සම්පූර්ණ මීටර් 1,400ක ප්‍රමාණය 2026 වසරේ අග භාගයවන විට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.