දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවති තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟ කඩුළු 4න් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2ට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද වනවා.
තුන්වන විස්සයි විස්ස තරඟයේ පළමුවේ පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාට් ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 156ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- මිය ප්රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්රායලය වෙ භාර දීම ඇරඹෙයි
- පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
- නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
- නව ලේකම් වරුන් දෙදෙනෙක්
- සෙව්වන්දි ඇතුලු පිරිස දිවයිනට
- කිලිනොච්චියෙන් මෝටාර් 40ක් හමුවෙයි !
- ඕනෑම මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක – VIDEO –
- ටිකට් නැත්නම් අද සිට – හොදටම ප්රශ්න – VIDEO –