ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න මහතා පකිස්ථානයට බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදියි.
එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා – පාකිස්තාන මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා විසින්.
පාකිස්ථානය තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ,මෙරට ක්‍රීඩකයින්ගේ මාන්සිකත්වය පිළිබඳ සොයා බැලීමටත්, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තුළ යහපත් මානසික මට්ටමක් ඇති කරමින් ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමත් මෙම සංචාරයේ අරමුණ වනවා.
පකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුවයි මෙම සංචාරය සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පිටත්ව ගොස් ඇත්තේ.









